Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ශාඛා ජාලය තවදුරටත් පුළුල් කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 11:11

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ශාඛා ජාලය තවදුරටත් පුළුල් කෙරේ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව කෑගල්ල, බදුල්ල, මාතලේ, අම්බලන්ගොඩ සහ දර්ගා නගරය වැනි නගරවලදී ඔසු සල ශාඛා ළගදීම විවෘත කිරීමට නියමිතයි.

මේ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 2014 දී රුපියල් මිලියන 744 ක් වූ එහි ලාභය පසුගිය වසර අවසානය වන විට රුපියල් මිලියන 1719 දක්වා වර්ධනය වී තිබෙනවා.

දේශීය විවෘත වෙළෙදපොළ තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වන ඖෂධවල විකුණුම් ප්‍රමාණය 2014 වසරේදී රුපියල් මිලියන හාරදහස් අටසිය හැටපහක් වුණා. එය පසුගිය වසර වන විට රුපියල් මිලියන 7458 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ. 2015 වසරෙන් පසු මේ දක්වා නව රැකියා අවස්ථා 298 ක් ද ලබා දී තිබෙනවා. 2017 වසරේදී සේවක වැටුප සියයට පනහකින් වැඩි කිරීමට ද හැකි වූ බවයි අමාත්‍යාංශය සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 11:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්