Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ උපදේශන ගිවිසුමට අත්සන් තැබේ

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 17:27

මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ උපදේශන ගිවිසුමට අත්සන් තැබේ

මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ උපදේශන ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා.

ජපන් ජයිකා ආයතනයේ ඇමෙරිකා ඩොලර් මිලියන 1850 ක ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. මෙහි පොලිය සියයට දශම එකක් වීම විශේෂත්වයක්. දිනෙන් දින ඉහළ යන මාර්ග තදබදයට විසදුමක් ලෙස පිටකොටුව මාලඹේ සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකෙරෙනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයයි. 2024 වසර වනවිට ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීම සැලැස්මයි. නැමතුම්පොල 16 කින් සමන්විත මෙම මාර්ගයේ ඉදිකිරීමෙන් පිටකොටුවේ සිට මාලඹේට විනාඩි 32 ක් වැනි කෙටි කාලයක් තුළ ගමන් කිරීමට හැකිවනවා. මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 17:27
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්