ජාතික යොවුන් නාට්‍ය පාසල සඳහා අයදුම්පත් භාරගන්නා බව ජාතික තරුණ සේවා සභාව ප්‍රකාශ කළා. වයස අවුරුදු 17ත් 29 ත් අතර වයස්වල පසුවන්නන්ට ඒ සඳහා අයදුම් කිරීමට අවස්ථාව පවතිනවා. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ ප්‍රවීන නාට්‍යවේදීන් මෙහෙයවනු ලබන පාඨමාලා පුර්ණකාලීන , අනේවාසික සහ සයමාසික පාඨමාලා ලෙසයි ක්‍රියාත්මක වන්නේ. 071-3318399 හෝ 0113-185700 ඇමතීමෙන් තොරතුරු ලබාගත හැක බවයි ජාතික තරුණ සේවා සභාව නිවේදනය කළේ.