Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුරු විදුහල්පති වර්ජනයෙන් සිසුන් හා දෙමව්පියන් දුෂ්කරතා රැසකට (VIDEO)

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 10:34

ගුරු විදුහල්පති වර්ජනයෙන් සිසුන් හා දෙමව්පියන් දුෂ්කරතා රැසකට (VIDEO)

ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති සමිති 30 ක් අද ලෙඩ නිවාඩු දමා තිබෙනවා. ඒ හේතුවෙන් පාසල් සිසුන් රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි අපට වාර්තා වන්නේ. විශේෂයෙන් පාසල් වෑන් රථවලින් පාසල්වලට පැමිණි දරුවන් නැවත නිවාසවලට යෑමට නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටීමේ සිද්ධීන් ද ඒ අතර වනවා.

වැටුප් විෂමතා ඉවත්කර ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම ගුරුවරුන්ගේ එක් ඉල්ලීමක්. ගුරුවරුන්ට බලපෑම් කරමින් සිදුකරවන කොළ පිරවීම් ඇතුළු වාර්තා සකස්කිරීම් ඇතුළු පීඩා කාරි කටයුතු වහා නැවැත්වීම සහ අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම අනෙක් ප්‍රධාන ඉල්ලීම් දෙකයි. මෙම ඉල්ලීම් ඉදිරිපත් කරමින් ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය  ක්‍රියාමාර්ග නිසා පාසල් රැසක කටයුතු අඩාලව පවතිනවා. ගුරුවරුන් සේවයට වාර්තා නොකරන බව නොදත් බොහෝ දෙමව්පියන් තම දරුවන් පාසල්වලට එවීම නිසා එම දරුවන් අපහසුතාවට පත්වුණා. ඇතැම් පාසල්වල දරුවන් ක්‍රීඩා පිටිවල නිදහසේ ක්‍රීඩා කරන ආකාරය ද දැකගත හැවූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ඇතැම් පාසල්වල මුරකරුවන් දරුවන් පාසලතුළට නොගැනීම නිසා එම දරුවන්ගේ ජීවිත දැඩි අනතුරක පවතින ආකාරයද අප වාර්තාකරුවන් වාර්තා කළා. හොරණ පොකුණුවිට සිරිමෙවන් මහ විදුහලේ දරුවන් ද මෙම තත්ත්වයට මුහුණදුන්නා.

ගුරු වර්ජනය නිසා පාසල්වලට පැමිණි දරුවන් අනාරක්ෂිතව පාසල්වල රැදී සිටින ආකාරය දැකගත හැකි අතර මේ සම්බන්ධයෙන් දෙමව්පියන් දැක්වූයේ මෙවන් අදහසක්.

මේ අතර දඹුල්ල ප්‍රාථමික විදුහලට අද පැමිණ සිටියේ දරුවන් දෙදෙනෙකු පමණයි. එහි ආරක්ෂක අංශ සේවකයෙකු කියා සිටියේ එම දරුවන් දෙදෙනාගේ දෙමව්පියන්ට දුරකතනයෙන් දැනුම් දී ඔවුන් රැගෙන යන ලෙස පවසන බවයි. කෙසේ වෙතත් මේ ආකාරයෙන් දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම මහත් අපරාධයක් බව බොහෝ දෙනා පවසනවා. පාසල් බස් රථ වලද දරුවන් ඉතා සුලු පිරිසක් ගමන් කිරීම සහ එම බස් හෝ වෑන් රථ එනතුරු රස්තියාදුවීමට සිදුවීම ද දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලීමක්.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වර්ජනයක් පැවතිය ද ඇතැම් පාසල්වල කටයුතු සාමාන්‍යපරිදි සිදුවූ බව අපට වාර්තා වනවා. මතුගම ප්‍රදේශයේ ප්‍රධාන පාසල්වල අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි සිදුකෙරෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වල ද ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සුපුරුදු පරිදි රාජකාරි කටයුතුවල නිරතවන ආකාරයද දැකගත හැකිවු බව එහි සිටින අප වාර්තාකරුවන් පවසා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 10:34
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්