ඇල්ජීරියාවේ ජනාධිපතිවරණය කල්දමා තිබෙනවා. එරට ජනාධිපතිවරණය ලබන මස 18 වෙනිදා පැවැත්වීමටයි මීටපෙර දින නියම කර තිබුණේ.
එභෙත් දින නියමයක් නොමැතිව ජනාධිපතිවරණය කල්දැමීමට ඇල්ජීරියා ජනාධිපති අබ්දෙලා අසීස් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
තමන් පස්වන වරටත් ජනාධිපති ධුරයට ඉදිරිපත් නොවන බවයි අබ්දෙලා අසීස් ප්‍රකාශ කර තිබෙන්නේ.