සංචාරකයන්ගේ පැමිණිම ඉහල ගොස් තිබෙනවා. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ තිස්පන්දහස් හයසිය දහඅටක්.
මේ වසරේ පෙබරවාරි මාසයේදී පමණක් සංචාරකයන් දෙලක්ෂ පනස් දෙදහස් තිස් තුනෙකු පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ. එය සියයට හතක වර්ධනයක්.