වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි ක්‍රිඩා සමාජ සඳහා ක්‍රිඩා භාණ්ඩ බෙදා දීමේ උත්සවයක් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ ප්‍රාදේශිය ලෙක්ම් කාර්යාලයේදී පැවැත්වුණා.
මෙහිදි වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ක්‍රිඩා සමාජ පනහක් සදහා ක්‍රිඩා භාණ්ඩ බෙදා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රටේ විසිරි සිටින දක්ෂතා ඇති ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරිම මෙහි අරමුණයි.මේ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 10ක් . අමාත්‍ය වන රවීන්ද්‍ර සමරවීර, ක්‍රිඩා අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල, වැලිමඩ ප්‍රාදේශිය සභාවේ උපසභාපතිනි සීතා සමරවීර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.