ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන රොහාන් ප්‍රදීප් හෙවත් වැල්ලම්පිටියේ කළුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය අංගොඩ ගල්තොටුව ප්‍රදේශයේදී අද සිදුකළ විශේෂ මෙහෙයුමකින්.
ඔහු ඝාතනයට ලක්වූ සමයන් නැමැති පාතාල සාමාජිකයාගේ ප්‍රබල ආධාරකරුවෙකු බවයි පොලීසිය පවසන්නේ. වැල්ලම්පිටියේ කළුවා නැමැති මෙම පාතාල කල්ලි සාමාජිකයා හිටපු යුද හමුදා සෙබලෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඔහුගේ නිවස පිටුපස තිබී ගිනි අවියක් ද සොයාගෙන තිබෙනවා. සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.