ඇල්ජීරියාවේ ජනාධිපතිවරණය කල් දමන බව එරට ජනාධිපති අබ්දෙලා අසීස් බෝට්ෆ්ලිකා නිවේදනය කර තිබෙනවා.
ඇල්ජීරියාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට තිබුණේ අප්‍රේල් 18 වනදායි. එරට ජනාධිපතිවරයා කියා සිටියේ මැතිවරණය කල් දැමූ බවත්, තමන් පස්වන වරටත් ජනාධිපති ධූරයට ඉදිරිපත් නොවන බවත්ය. ජනාධිපතිවරයා පස්වන වරටත් ජනපති ධූරය සදහා ඉල්ලුම් කරන බව සැලවීමත් සමග ඇල්ජීරියාව පුරා පසුගිය සති කිහිපයේදී විරෝධතා පැවැත්වුණා. කෙසේ වෙතත් මේ වන විට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබද තීරණයක් ගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.