අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ ප්‍රතිඑල දැන් නිකුත් වුණා. ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මත වූ බවයි කථා නායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ.
අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව119 ක්. විපක්ෂව ලැබුණේ ඡන්ද 74 ක් පමණයි.
මාර්තු 05 වැනි දින අයවැය යෝජනා ඇතුළත් අයවැය කතව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද
අයවැය 2019 දෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (12) පාර්ලිමේන්තුවේ දී පැවැවෙයි.
මාර්තු 05 වැනි දින අයවැය යෝජනා ඇතුළත් අයවැය කතාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව මාර්තු 06 දින සිට දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ විය. දෙවැනිවර විවාදයේ අවසන් දිනය අද පැවැත්වෙන අතර දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. මාර්තු 13 දින වන හෙට දින සිට තුන්වනවර කියවීමේ විවාදය ආරම්භ වෙයි.