Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය කුසල් ජනිත් පෙරේරාට අහිමිවීමේ අවධානමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 15:20

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය කුසල් ජනිත් පෙරේරාට අහිමිවීමේ අවධානමක්

කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියද අහිමිවීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවති තුන්වන එක්දින තරගයේදී පාදයේ ආබාධයකයට ලක්වීම හේතුවෙන්.

දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 331 ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් ලකුණු 121 ක් රැස්කළා. ඉසුරු උදාන කඩුලු 02 ක් දවා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 කදී කඩුලු 02 ක් දැවී ලකුණු 75 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවුණා.

එලෙස පැය තුනකට අධික කාලයක් තරගය නතර කර තිබීම හේතුවෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සදහා පන්දු 48 කදී තවත් ලකුණු 118 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා. එය හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 03 ක් දැවී ලබාගත හැකිවුනේ ලකුණු 46 ක් පමණයි. මේ අනුව පන්දුවාර 24 ක් අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 121 ක් ලෙස ප්‍රධාන ලකුණු පුවරුව සටහන් වුණා. ඒත් සමඟින් ලකුණු 71 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරග දෙකක් ඉතිරිව තිබියදී තරගාවලි ජයද හිමිකර ගැනීමට දකුණූ අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

මෙම තරගයේදී පන්දු රැකීමේ නිරතව සිටියදී පාදයේ ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාට සති 05 ත් 09 ත් අතර කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබාදී තිබෙනවා. මේ අනුව එළබෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔහුට අහිමිවීමේ අවධානමක් මතුව තිබෙනවා.

ලසිත් මාලිංග – නායක – ශ්‍රී ලංකා එක්දින ක්‍රිනට් කණ්ඩායම,

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 15:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්