ඉරාන ජනාධිපති හසන් රවුහානි බැග්ඩෑඩ් නුවරට පැමිණියා. ඒ දින තුනක නිල සංචාරයක් වෙනුවෙන්.
දෙරට අතර වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටයි නියමිත.
දෙරට අතර ආරක්ෂක සබඳතා, වෙළෙද පරිසර සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර වලට අදාළව ඉහළ පෙලේ සාකච්ඡා පවතිනු ඇති බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.