Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙමෝදර ගින්නකින් අක්කර පහක් විනාශයි

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 09:48

දෙමෝදර ගින්නකින් අක්කර පහක් විනාශයි

දෙමෝදර පොදු සුසාන භූමිය ආශ්‍රිතව හටගත් ගින්නකින් අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු සිදුකළ ගිනි තැබීමක් පැතිරයාම ඊට හේතුව බවයි ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ. ඉදිකෙරෙමින් පවතින නව ආදාහනාගාරය සහ විශාල ප්ලාස්ටික් ජල ටැංකි කිහිපයක් ද එම ප්‍රදේශය ආසන්නයේ තිබෙන අතර දුම්රිය මාර්ගයද පිහිටා ඇත්තේ ඒ අසළයි. මෙම තත්ත්වය මත ගින්න පාලනය කිරීම සදහා දැඩි වෙහෙසක් දැරීමට ප්‍රදේශවාසීන්ට සිදු වුණා. මේ වන විට ගින්න පාලනය කර තිබෙන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 09:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්