Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ 20 ක නීති විරෝධී දුම්වැටි කටුනායකදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 12:01

ලක්ෂ 20 ක නීති විරෝධී දුම්වැටි කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත්තා.

අද(10) අලුයම ඩුබායි සිට පැමිණි සැකකරු ගමන් මළු දෙකක සඟවා මෙම දුම්වැටි රැගෙනවිත් ඇති බවයි ගුවන් තොටුපොළ රේගුව සඳහන් කළේ.

එහි තිබී දුම්වැටි තිස් දෙදහසක් අඩංගු කාටූන් 160 ක් රේගු භාරයට ගැණුනා. එහි වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට ආසන්න බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර ප‍්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.

දුම්වැටි තොගය රාජසන්තක කළ අතර සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙන ලෙස ද නියෝග කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 12:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්