ටියුනීසියා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ටියුනීස් අගනුවර රෝහලකදී අලුත ඉපදුණු දරුවන් 11 දෙනෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන්.
මාර්තු 7 සහ 8 දිනදෙකේදී මෙම දරුවන් 11 දෙනා මියගොස් ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. එම දින දෙක තුළ රෝහලේ සෞඛ්‍ය පහසුකම්, ඖෂධ සහ ජීවානුහරණ පද්ධතිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.