ඡන්ද හිමි නාම ලේඛනය සඳහා නම් ඇතුලත් කිරීමේ කි්රයාවලියේ වෙනසක් සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව සෑම දිස්ති්රක්කයක්ම ආවරණය වන පරිදි එක් ප්රාදේශ්රීය ලේකම් කොට්ඨාසයක නව ක්රමය යටතේ ඡන්ද හිමි නාම ලේඛන යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඡන්ද හිමි නාම ලේඛනයේ තොරතුරු ගෘහ මූලිකයා සම්පූර්ණ කිරිම වෙනුවට මීටපෙර ලියාපදිංචිවී සිටි පුද්ගලයන්ගේ නම් මුද්රනය කර ලබාදීම ද සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. ඒ අනුව අලුතින් ලේඛනයට ඇතුලත් වන අයගේ පමණක් නම් ගෘහ මූලිකයා සටහන් කිරීම සිදුවනවා.