ධවල මන්දිරයේ ජනමාධ්‍ය අධ්යක්ෂ සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වන බිල් ෂයින් එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.
මාස අටක කාලයක් ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනමාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙසයි කටයුතු කළේ. ෆොක්ස් නිව්ස් ආයතනයේ හිටපු විධායක නිලධාරියෙකු වන ඔහු ධවල මන්දිරයේ සේවයට එක්ව ඇත්තේ 2018 වසරේ ජුනි මාසයේදි.
එම ධුර වලින් ඉවත් වුවද ඔහු 2020 වසර වන තෙක් ඩොනල්ඩ් ට්රම්ප්්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා ලෙස කටයුතු කරනු ඇති බවයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරා සැන්ඩස් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.