ඇමරිකා සහ යුරෝපීය තරුණ ප්රජාව ෆේස්බුක් සමාජ ජාලය භාවිත කිරිම සීඝ්රයෙන් අත්හැර දමමින් සිටිනවා.
ඒ ගිණුම් හිමියන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරිමට ෆේස්බුක් සමාගම අපොහොසත්විම හේතුවෙන්.
පසුගිය වසර දෙකක කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 15 ක පමණ පිරිසක් මෙලෙස සිය ෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇති බවයි එරට වාර්තා සදහන් කළේ.
යුරෝපයේ මිලියනයක පමණ තරුණ පිරිසක් ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත්ව තිබෙනවා. මේ අතරින් බොහෝ පිරිස අවුරුදු 12 ත් 34 ත් අතර වයසේ පසුවන අය බවටයි හදුනාගෙන තිබෙන්නෙ.