උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල අද උණුසුම් කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අව්වට නිරාවරණයවීමෙන් විජලනය, මස්පිඬු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත රෝග තත්වයන් ද ඇතිවිය හැකියි.
ප්‍රමාණවත් ජලය පානය කර සෙවණ ඇති ස්ථානවල රැඳීසිටින ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.
කුඩා දරුවන් සහ රෝගී පුද්ගලයන් පිළිබද වඩාත් සැලකිලිමත්වීම වැදගත්.