ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති තුන්වන එක්දින තරඟය ලකුණු 32 කින් ජයගැනීමට ඔස්ටේ්රලියා කණ්ඩායම සමත්වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්රලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 313 ක්. උස්මාන් කවාජා ලකුණු 104 යි. ඇරෝන් ෆින්ච් ලකුණු 93 ක් ලබාගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 48 ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 281 ක් පමණයි. අඟනා ඉනිමක් කී‍්‍රඩා කළ නායක විරාත් කෝලි ලකුණු 123 ක් රැස්කර ගත්තා.
දෙරට අතර පැවැති පළමු එක්දින තරඟ දෙකම ජයග්‍රහණය කිරීමට ඉන්දිය කණ්ඩායම සමත්වුණා.