ආගමික පාසල් 180 ක පාලනය රජය යටතට ගැනීමට පකිස්ථානය කටයුතු කළා. ඒ සටන්කාමි සංවිධාන මර්දනය කිරිමේ වැඩපිළිවෙලේ එක් අදියරක් ලෙසින්.
පළාත් පාලන ආයතන මගින් එම පාසල්වල කළමනාකරණය සිදු කරන බවයි පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. සවුදි අරාබිය මුදල් සැපයූ පාසල් වැඩි ගණනක් එම සංඛ්‍යාවට ඇතුලත්. විවිධ සටන්කාමී කණ්ඩායම් මගින් පාලනය වන දේපළ සහ පහසුකම්වල පාලන කටයුතු ද රජය යටතට ගෙන තිබෙනවා.
බෙභෙත් ශාලා 163ක් , ගිලන් රථ සේවා 184 ක් , රෝහල් 05ක් සහ තහනම් සංවිධාන අටක කාර්යාල ඒ අතර වන බවයි පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නෙ.