Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි අද සිට

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 08:57

කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි අද සිට

ලෝක කාන්තා දිනයට සමගාමිව අද සිට (08) කාර්යාල දුම්රිය හතකට (07) කාන්තාවන් සදහා වෙන් වූ කාන්තා දුම්රිය මැදිරි යොදවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

කාන්තාවනහට නිතර නිතර පොදු ප්‍රවාහන සේවාවේදි සිදුවන අසිරුතාවයන් ‍ගෙන් හිංසනයන්ගෙන් බේරා ගැනිම සදහා ප්‍රවාහන අමැතිවරයා ප්‍රථම අදියර වශයෙන් මේ ක්‍රියා මාර්ගය ගෙන ඇත.

ඒ අනුව අලුයම 06.30 ට මීරිගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුක්වා ධාවනය වන අංක 525 දරණ දුම්රියේ , රඹුක්කන දුම්රිය ස්ථානයෙන් අලුයම 05.57 කොළඹ කොටුව දක්වා ගමන්අරඹන දුම්රියේත් ,පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් අලුයම 05.25 කොළඹ කොටුව දක්වා ගමන් අරඹන දුම්රියේත්,මහව දුම්රිය ස්ථානයෙන් අලුයම 04.45 ට ගමන් අරඹන දුම්රියේත්,පුත්තලම දුම්රිය ස්ථානයෙන් අලුයම 04.30 මරදාන බලා ගමන් අරඹන බංගදෙනිය දුම්රියේත්,ගාල්ල දුම්රිය ස්ථානයෙන් අලුයම 05.00 ට සිට මරදාන දක්වා ගමන් අරඹන සමුද්‍රදේවී දුම්රියේත්,මාතර දුම්රිය ස්ථානයෙන් අලුයම 05.00 ට මරදාන බලා ගමන් අරඹන කාර්යාල දුම්රිය වලට කාන්තා දුම්රිය මැදිරිය බැගින් යොදවීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රථම අදියර යටතේ කාර්යාල දුම්රිය වලට කාන්තා මැදිරි යොදවන අතර ඉදිරියේදි අනික් දුම්රිය වලටද කාන්තා මැදිරි යෙදවීමට තිරණය කර ඇතැයිද ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මේ අතර මහව සිට කොළඹ දක්වා නව කාර්යාල දුම්රියක් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ධාවනයට එක්කෙරුණා. නවීන පහසුකම් වලින් සමන්විත මෙම දුම්රියෙහි කාන්තාවන් සදහා වෙන් වූ දුම්රිය මැදිරි දෙකක් ද රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 08:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්