Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර කාන්තා දිනයට ජනාධිපති සහ අගමැතිගෙන් සුබ පැතුම්

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 08:32

ජාත්‍යන්තර කාන්තා දිනයට ජනාධිපති සහ අගමැතිගෙන් සුබ පැතුම්

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවුඩයක් නිකුත්කර තිබෙනවා.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසන්නේ සමාජය විසින් කාන්තාවට පවරන ලද සාම්ප්‍රදායික භූමිකා අබිභවා බොහෝ උසස් ස්ථානකරා කාන්තාවට ගම කළ හැකි බවයි. නූතන ස්ත්‍රිය සිය භාවිතයෙන් ඒ බව සනාථ කර තිබෙන බවයි එහි දැක්වෙන්නේ. එවන් උසස් ස්ථාන කරා ශ්‍රී ලාංකීය කාන්තාව රැගෙන යාම අරමුණුකර ගනිමිනු කර ගනිමින් මෙරටදී සැමරෙන ජාත්‍යන්තර කාන්තා දින උළෙලට සුබපැතුම් එක්කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කාන්තා දින පණිවුඩයෙන් සදහන් කරන්නේ.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ස්ත්‍රී පුරුෂ සමභාවී සමාජ භාවිතය සවිබල ගැන්වීම සදහා වඩාත් සුදුසු සහ විශිෂ්ට අවස්ථාවක් ලෝකය හමුවේ උදාවී ඇති බවයි. තාක්ෂණ, සන්නිවේදන, අධ්‍යාපන, විද්‍යා ආදී සෑම ක්ෂේත්‍රයකම ස්ත්‍රීන්ගේ දායකත්වය කැපී පෙනෙන බවත් තිරසර ජීවන පැවැත්මක් සහතික කර ගැනීම උදෙසා බොහෝ බාධක සහ අභියෝග මැද අප්‍රමාණ කැපකිරීම් සහ පරිත්‍යාගයන් සමග සාර්ථක ඉදිරි ගමනක් කරා යාමට කාන්තාව සමත්වී ඇති බවත් අග්‍රාමාත්‍යතුමාගේ කාන්තා දින පණිවුඩයේ සදහන්.

මේ අතර කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කර තිබෙනවා. කිසියම් රටක් කාන්තාවට සම තත්ත්වය ලබාදී ඇය රාජ්‍ය පාලනය දක්වා ඔසවා තැබීම වූ කලී සමාජ සංවර්ධනයේ ඉහළ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. ලෝකයේ දියුණු රාජ්‍යයන් රාජ්‍ය පාලනයට කාන්තා දායකත්වය නොඅඩුව ලබාගත් බව ලෝක ඉතිහාසය දෙස බලනවිට පෙනී යයි. ලෝක කාන්තා දිනය එවන් කාන්තාවන්ගේ ඉදිරි උන්නතිය සදහා දායක කරගත යුතු බවයි අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ කාන්තා දින පණිවුඩයේ දැක්වෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 08:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්