Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි ශූරතාව මහනුවර ක්‍රීඩා සමාජයට

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 13:48

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි ශූරතාව මහනුවර ක්‍රීඩා සමාජයට

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ අඛණ්ඩව 05 වන වරටත් ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්වුණා. අනුශූරතාව හිමිවූයේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායමටයි.

කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ මුල සිටම ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ මහනුවර ක්‍රීඩකයින් පළමු අර්ධය නිමාවන විට ලකුණු 18 ක් ලබා ගත්තා.

හැව්ලොක්ස් ක්‍රීඩකයින්ට එහිදී කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකිවූයේ නැහැ. දෙවන අර්ධයේදී ඔවුන් තරගයට පිවිසීමට දැඩි උත්සාහයක නිරත වුණා. කෙසේ වෙතත් තරගය නිමාවන විට මහනුවර ක්‍රීඩකයින් ගෝල දිනුමක් සමගින් ලකුණු 21 ක් ලබා ගැනීමට සමත්වුණා. ඒ වන විට හැව්ලොක්ස් ක්‍රීඩකයින් ලබාගෙන සිටියේ ලකුණු 19 ක් පමණයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 13:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්