Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතුවලට පළපුරුදු ආයතනවල සහාය

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 11:10

මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතුවලට පළපුරුදු ආයතනවල සහාය

අංගම්පොර සටන් කලාව ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. එය අනාගත පරපුර සදහා සුරක්ෂිත කිරිම අරමුණයි.

ඒ අනුව අංගම්පොර සටන් ශිල්පය තහනම් කරමින් ඉංග්‍රිසි යටත්විජිත ආණ්ඩුව 1817 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ශ්‍රි ලාංකීය ජාතියට එල්ල වූ විදේශ ආක්‍රමණ ජය ගැනීම සදහා දේශීය සටන් ක්‍රමයක් වන අංගම්පොර සටන් ශිල්පය හා එම ශිල්පීන්ගෙන් ලැබුණු දායකත්වය අති මහත්. ශ්‍රී ලාංකීය ඉතිහාසය ලොව හමුවේ තැබිය හැකි අනන්‍ය වූ ශිල්ප ක්‍රමයක් වන අංගම්පොර සටන් කලාව රැකගැනීමේ අරමුණින් මෙම පියවර ගැනෙනවා.

මාධ්‍යවේදීන් දිරිගැන්වීම සදහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් වාර්ෂිකව පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දුන්නා. එම උළෙලේදී සම්මානයට පාත්‍ර වන්නන් සදහා මුදල් ත්‍යාග පිරිනැමීමටත් කර්තෘ මණ්ඩලයේ කටයුතු කරන විද්වතුන් හා ශාස්ත්‍රීය ලිපි හා විචාර සැප යූලේඛකයින්ගේ කාර්යභාරය ඇගයීමක් සිදු කරමින් ගරු දීමනාවක් ලබාදීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා.

රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පිළිබද 2018 වර්ෂයේ තුන්වන කාර්තුවට අදාළ වාර්තාව නිකුත් කර තිබෙනවා. රාජ්‍ය අංශයේ ඇතැම් ආයතන සේවා අවශ්‍යතාවන් නොසළකා කාර්ය මණ්ඩලය බදවා ගැනීම වැළැක්වීම පිණිස නිසි ක්‍රමවේදයන්  හා නීති හි රෙගුලාසි බලාත්මක කිරීමේ අවශ්‍යතාව මෙම වාර්තාව පෙන්වා දී තිබෙනවා. සේවා අවශ්‍යතාවන් නොසළකා බදවා ගැනීම හේතුවෙන් සේවා ගැටලු ඇති වි ඇති බවයි එම වාර්තාව පෙන්වා දී තිබෙන්නේ. ඒ අනුව අලුතින් බදවා ගැනීම් සිදු කිරීමේදී නිසි පරිදි වැඩ අධ්‍යයනයන් සිදු කිරීමෙන් පසු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තවේ එකගතාව සහිත බදවා ගැනීම් සිදු කිරීම යෝග්‍ය බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ගිණුම් හා විගණනන ප්‍රමිති පනතේ විධාවිධාන අනුව වසර 20 කට වැඩි කාලයක් කටයුතු කර තිබෙනවා. එය වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හදුනා ගැනුණා. ඒ අනුව ශ්‍රී ලංකා ගිණුම් හා විගනන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය යෝජනා සහිතව මෙම පනත සංශෝධනය කිරීම සදහා නිති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දෙනවා.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම සදහා ඇමෙරිකා ඩොලර් මිලියන දාහතරයි දශම පහයි දෙකක මුදලක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය  හිමි වුණා. මෙම වැඩසටහන සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 54 . 4 ක ණය ආධාර ලබාදීමට කෘෂිකාර්මික සංවර්ධනය සදහා වන ජාත්‍යන්තර අරමුදල එකග වී තිබෙනවා. ඉන් ඇමෙරිකා ඩොලර් මිලියන 39.8 8 ක මුදලක් මේ වන විටත් යොදවා තිබෙනවා.

පුරාවස්තු ආරක්ෂා කිරීම හා ඒවා විනාශවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනෙනවා. ඊට අදාළව පනත් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව පුරාවස්තු විනාශය, අනවසර අපනයන වැළැක්වීම, පුරාවස්තුවට එරෙහිව සිදුවන වැරදි පිළිබද ජනතාව දැනුවත් කිරීම, තොරතුරු ලබාදීම සදහා ජනතාව දැනුවත් කිරීම හා පුරාවස්තු හානි  පිළිබද වැරදිවලට අදාළ දඩ මුදල් වැඩි කිරීම වැනි ක්‍රියාමාර්ග ගනු ඇති.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සදහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. තාක්ෂණික යෝජනා ඇගයීමේ හා මුල්‍ය යෝජනා ඇගයීමේ ප්‍රතිඵල මත අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදක කමිටුවේ නිර්දේශ පරිදි ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතන වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 11:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්