නීතිවිරෝධීව අලි පැටවුන් පස් දෙනෙක් ලග තබාගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුලු හත් දෙනෙකු නිදහස් කිරිමට විශේෂ මහාධිකරණය නියෝග කළා.
ඒ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී. සැකකරුවන්ට එරෙහිව එල්ලකර ඇති අධි චෝදනා ප්රතික්ෂේප කිරිමටයි එහිදී තීරණය කළේ.
පොදු දේපල, වනසත්ව, රුක්ෂලතා ආඥාපනත යටතේ චෝදනා එම මහාධිකරණයේ විභාග කිරිමට නොහැකි බවට විත්තියේ නීතිඥවරුන් පෙන්වාදී තිබෙනවා. ඒ අනුව සැකකරුවන් නිදහස් කර ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.