Life+News The Official News Portal of Independent Television Network Ltd

උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 08:59

උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්

අද දිනයේ පළාත් කිහිපයකට උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්ද  නිකුත් කර තිබෙනවා.

උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල මෙම දැඩි උණුසුම් කාලගුණය අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විජලනය, මස්පිඬු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආගාත තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් ද පවතියි.

එම නිසා ප්‍රමාණවත් ලෙස ජලය පාලන කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම වැනි දෑ සිදු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

වැඩබිම් තුළ සේවය කරන පුද්ගලයින් වැඩි වශයෙන් ජලය පානය කිරිමද සුදුසු වනවා.

වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැලකිලිමත් වන ලෙසත් වාහන තුළ කුඩා ළමුන් තනි කර නොයන ලෙසත් මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

අධික උෂ්ණත්වය පවතින විට එළිමහනේ සිදුකරන අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 08:59
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්