උතුරු කොරියා නායක කිම් ජොන් උන් රුසියා සංචාරයකට සහභාගී වීමට සූදානම්ව සිටිනවා. රුසියා ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා මේ බව නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත් උතුරු කොරියා නායකයා රුසියාවේ සංචාරයේ නිරත වන දිනයක් හෝ කිසිදු තොරතුරක් පිළිබදව මෙතෙක් නිවේදනය කර නැහැ. උතුරු කොරියා නායකයා ඇමෙරිකා ජනාධිපතිවරයා වියට්නාමයේදී හමුවීමෙන් අනතුරුව මෙලෙස රුසියා ජනාධිපතිවරයා හමුවන බව නිවේදනය කිරීම විශේෂත්වයක් වනවා.
රුසියා මාධ්‍ය වාර්තා කරන්නේ රුසියා පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයකට එක්වීමට ද නියමිත බවයි.