පැරකුම් යුගයක් යළි ආරම්භ කිරීමේ සංකේතය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපයේ කටයුතු බිංගිරියේදී ආරම්භ කෙරුණා. ඒ ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සෘජු මෙන්ම වක්‍ර රැකියා අති විශාල ප්‍රමාණයක් බිහි කරමින් මෙවැනි ආයෝජන සැකසුම් කලාපයක් ආරම්භ කෙරුණේ වසර 15 කට පසුවයි.
බිංගිරිය අක්කර 1200 ක භූමි ප්‍රමාණයක් පුරා ඉදිකෙරෙන මෙම අතිදැවැන්ත ආයෝජන සැකසුම් කලාපයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. පළමු පස් පිඩැල්ල කපමින් එම කටයුතු සුබ මොහොතින් ආරම්භ කෙරුණා. අනතුරුව පැවති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ඉදිරි වසර 4 තුළ අපනයනය දෙගුණයක් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=S2f9FAdKIqs&feature=youtu.be&fbclid=IwAR0Zm8i-oeDNdl0WqTTB-5jsCFmPSABFaekGyXKsqskogF7rraPMZnc-e5U”]
බිංගිරිය අපනයන සංවර්ධන කළාපය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙනවා. පළමු අදියර යටතේ අක්කර 167 ක භූමිය සංවර්ධනය කර කර්මාන්ත ශාලා 25ක් පිහිටුවීම සැලසුමයි. ඒ තුළින් සෘජු රැකියා දස දහසක් මෙන්ම වක්‍ර රැකියා තුන් දහසක් බිහි වනු ඇති. දෙවන අදියර යටතේ අක්කර 282ක් වන ප්‍රදේශයක කම්හල් පිහිටුවීම සිදු කෙරෙනවා. ඒ තුළින්ද සෘජු රැකියා විසිපන්දහසක් මෙන්ම වක්‍ර රැකියා දස දහසක් අපේක්ෂා කරනවා. තුන්වන සහ අවසන් අදියර යටතේ සෘජු රැකියා හැත්තෑපන්දහසක් බිහිවනු ඇති. බිංගිරිය අපනයන සැකසුම් කළාපයේ සමස්ත සංවර්ධන ව්‍යාපෘතිය වසර 8ත් 12 ත් අතර කාලය තුළ අවසන් කිරීමට නියමිතයි. බර සහ සැහැල්ලු ඉංජිනේරු තොරතුරු තාක්ෂණය , වාහන අමතර කොටස් නිපදවීම හා එකලස් කිරීම , ඇගලුම් හා ආහාර නිශ්පාදන ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ කර්මාන්ත ශාලා බිංගිරිය සැකසුම් කලාපය තුළ පිහිටුවනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Kln77mJNmp8″]
බිංගිරිය ආයෝජන සැකසුම් කලාපයේ ආයෝජන සඳහා එකඟත්වය පළ කළ ව්‍යාපාරිකයින්ට එකඟතා ලිපි ප්රදානය ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරුණා. මෙම කර්මාන්ත පුරය ඉදිකිරීම හේතුවෙන් ඉවත් කිරීමට සිදු වූ ගස් නැවත වගා කිරීම සදහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ඉවත් කළ එක් ගසක් වෙනුවෙන් පොල්ගස් 5 ක් සිටුවීමට අදාළව පැළ තුන්දහසක් බෙදා දීම ද මෙහිදී සිදුකෙරුණා. අඩු ආදායම්ලාභී පවුල් වෙත නිවාස 24 ක් පිරිනැමීම සිදුකෙරුණේ ජයමග පදනම යටතේයි.