දෙවන ජාතික වකුගඩු සහන සේවා මධ්‍යස්ථානය අනුරාධපුරයේදී ලබන විසි වනදා ජනතා අයිතියට පත්කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. වකුගඩු රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම මුලික අරමුණ බවයි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ ව්‍යාපෘති අධ්යක්ෂ අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේ.
වකුගඩු රෝග ව්‍යාප්තිය වැළැක්වීමට රජය වැඩපිළිවෙල රැසක් ආරම්භ කර තිබෙනවා. රෝගීන්ට ද අවශ්‍ය සහන අඛණ්ඩව ලබාදෙන බවයි අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේ.