සේනා දළඹුවාගෙන් හානි සිදුවූ වගා සඳහා වන්දි ගෙවීම ලබන ඉරිදා සිට ආරම්භ වනවා. අදාළ පළාත්වල කෘෂිකර්ම අධ්යක්ෂවරුන් වගා හානි පිළිබඳ ඇස්තමේන්තු සකස් කර ලබාදී අවසන්.
එම තොරතුරු පදනම් කර ගනිමින් වන්දි ගෙවීම සිදුකරන බවයි ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා ප්රකාශ කළේ. වගා හානි සිදුවූ අක්කරයකට රුපියල් හතළිස් දහස බැගින් වන්දි ලබාදීමට කැබිනට් අනුමැතිය ද හිමි වුණා.