ගමනාගමන මණ්ඩල සේවයකයන්ට ප්රතිලාභ රැසක් ලබාදීමට තීරණය කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට රුපියල් මිලියනයක් වටිනා ජීවිත රක්ෂණයක්, මඟී අනතුරකදී අධිකරණය තීරණය කරන වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවීම ඇතුලු කරුණු ඊට ඇතුලත්.
පසුගිය කාලයේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ.