ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට දැඩි ලැව්ගිනි තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.
හෙක්ටයාර 6000 ක පමණ භූමි ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී ඇති අතර නිවාස රැසකට අලාභ හානි සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් සිය ගණනක් අවතැන්ව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. වසර දහයකට පසුව වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ දරුනුතම ලැව් ගිණි තත්ත්වය මෙය බව සදහන්. ගිනි නිවන භටයින් 850 ක් , ගිනි නිවන රථ 110 ක් සහ ගුවන් යානා යොදා ගනිමින් ගිනි නිවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. අද රාත්‍රිය වන විට ලැව් ගිනි තත්ත්වය බරපතල විය හැකි බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.