උතුරේ නැවත පදිංචි කිරීම් සිදුකළ ප්‍රදේශවල පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩපිළිවෙළක් යුද හමුදාව ක්‍රියාවට නංවා තිබෙවා.
මෙම වැඩපිළිවෙල යටතේ උතුරු පළාතේ වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල මේ වන විටත් පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන 8ක් ඉදිකර ඇති බවයි යුද හමුදාව පවසන්නේ.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මෙහෙයවීමෙන් ඉදිකිරීම් සිදු කෙරුණා. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 40ක්.
පියවර නමින් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙරාල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.