Life+News The Official News Portal of Independent Television Network Ltd

කොස්ගොඩ සුජී ඇතුළු 5ක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 15:41

කොස්ගොඩ සුජී ඇතුළු 5ක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු

මෙරට දී අත්අඩංගුවටගත් විශාලතම හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජී ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියට විවෘත වරෙන්තුවක් නිකුත් කෙරුණා.

ජාත්‍යන්තර පොලිසියට යැවීම සදහා ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තුව නිකුත් කරන ලෙසට කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් දීමනී බැද්දවෙල මහත්මිය මෙම නියෝග කළා.

නියෝගයේ පිටපත් ආගමන විගමන පාලකවරයාට හා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ බලධාරීන් වෙතද යොමුකර තිබෙනවා. මේ අනුව කොස්ගොඩ සුජී නමැත්තාට අමතරව ඇන්තනී මයිකල් මොරිස්, මෙහොමඩ් සිරාස් බායිස්, වසිම් අබ්දුල් රහීම් සහ බංග්ලාදේශ සාමාජිකයෙකු වන මෙහොමඩ් හුසේන් නමැති අයට ද ජාත්‍යන්තර පොලිසියට විවෘත වරෙන්තු නිකුත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද නියෝග කෙරුණා.

පසුගියදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 294කට අධික බරකින් යුත් මෙම හෙරොයින් තොගය මෙරටට එවා ඇත්තේ කොස්ගොඩ සුජී ඇතුළු පස් දෙනා බව අනාවරණය වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 15:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්