දිනකට පැය තුනහමාරකට වැඩි කාලයක් රූපවාහිනිය නරඹන්නන්ට සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ එංගලන්ත විශේෂඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඑල පැහැදිලි කරමින්.
වැඩිහිටියන්ට එහි වැඩි බලපෑමක් පවතින බවයි ඔවුන් සදහන් කළේ.
අවුරුදු 50 ට වැඩි 3500 දෙනෙකු පර්යේෂණයට දායක කරගෙන තිබෙනවා.
දෙෙනිකව පැය තුනහමාරකට වැඩි කාලයක් රූපවාහිනිය නරඹන්නන්ගේ මතක ශක්තිය හීන විය හැකි බවයි පර්යේෂකයන් සදහන් කළේ.
හිසරදය ඇතුළු තවත් සෞඛ්‍ය ගැටලු රැසක් මතුවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.