Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව – නාවික හමුදාව

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 08:17

මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව – නාවික හමුදාව

මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ මෙහෙයුම් සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඊයේ දිනයේදීත් එවැනි වැටලීමකට දායකත්වය ලබාදුන් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඒ මන්නාරම වන්කාලෙයි ප‍්‍රදේශයේදි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු එහිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විදානයට අනුයුක්ත නාවිකයන් පිරිසක්, මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්ත නිලධාරින් සමඟයි වැටලීම සිදුකළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම පොලිසියට භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 08:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්