රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පළමුවරට සංවිධාන කළ ඵලදායිතා සම්මාන ප්රදානෝත්සවය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන අයාතන ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවුණේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතායි.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකයි. රජය සිදු කරන විශේෂ ව්‍යාපෘතිවලදී දේපල රජයට පවරා ගැනීම අදාළ වන්දි සදහා තක්සේරු වාර්තා ලබාදීම ඇතුළු කාර්යන් රැසක් සිදු කරනවා. සම්මාන ප්රදානෝත්සවයේදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ නූතන ලෝකයට ගැලපෙන පරිදි ආයතනය තුළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/IiMAjlMMEpg”]