හොලිවුඩයේ අති දැවැන්ත සිනමා සම්මාන උළෙල වන ඔස්කා සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් සිනමා නගරයේදී පැවැත්වුණා.
2018 වසරේ තිරගත වූ සිනමාපට අතුරින් විශිෂ්ඨ සිනමා කෘති සදහා සම්මාන ප්රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා. මෙවර පැවැත්වුණේ 91 වෙනි ඔස්කා සම්මාන උළෙලයි.
වසරේ හොදම චිත්රපටය ලෙස සම්මාන ලැබුවේ ග්රීන්බුක් චිත්රපටයයි. වසරේ විශිෂ්ඨ නළුවා ලෙස බොහේමියන් රැප්සොඩින් චිත්රපටයේ ප්රධාන චරිතය රග පෑ රැමී මලෙක් සම්මාන ලැබුවා. වසරේ විශිෂ්ඨතම නිළියට හිමි සම්මානය හිමිවුණේ ද ෆේවරිට් චිත්රපටයේ රග පෑ ඔලීවියා කෝල්මන්ටයි. රෝමා චිත්රපටය අධ්යක්ෂණය කළ ඇල්ෆොන්සෝ කෝරන් වසරේ හොදම අධ්යක්ෂවරයාට හිමි සම්මානය දිනා ගත්තා.