දිවයිනේ පාසල් තූර්යවාදක කණ්ඩායම් සියයකට අධික සංඛ්‍යාවක් සහභාගී වූ ITN BAND THE BAND රියලිටියේ හොදම සංගීත කණ්ඩායමට හිමි කිරුළ දිනාගනිමින් ගම්පහ සිරිකුරුස මහා විද්‍යාලය ඊයේ රාත්‍රියේ ජය හිමි කරගත්තා.
නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධාන කල මෙම BAND THE BAND රියලිටියේ ජනප්‍රියම සංගීත කන්ඩායම ලෙස කිරුළ දිනාගත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයයි.
BAND THE BAND FINALE සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේ දී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එක්වයි BAND THE BAND රියැලිටිය මෙරටට හඳුන්වා දුන්නේ. ලෝකයේ ප්‍රථම බ්රාස් බෑන්ඩ් රියැලිටිය ලෙසට ද මෙය ඉතිහාසයට එක්ව අවසන්. කණ්ඩායම් සියයකට අධික සංඛ්‍යාවක් රියැලිටියට එක්ව සිටි අතර පාසල් පහක් GRAND FINALE සඳහා තේරී පත්වුණා. ගම්පහ සිරිකුරුස මහා විද්‍යාලය, කොළඹ දේවිබාලිකා විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගල යන විද්‍යාලවල කණ්ඩායම් අවසන් මහා තරගයට එක්වුණා.
අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු ජනතා නියෝජිතයන් ද ITN මාධ්‍ය ජාලයේ සභාපතිනී තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ද තවත් ආරාධිතයන් රැසක් ද බෑන්ඩ් ද බෑන්ඩ් අවසන් මහා තරගය නැරඹීමට එක්ව සිටියා.