Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් රග්බි කණ්ඩායම නාවික හමුදා කණ්ඩායම පරදවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 08:25

පොලිස් රග්බි කණ්ඩායම නාවික හමුදා කණ්ඩායම පරදවයි

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ පැවති තරගයකින් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායම පරදා ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළා.

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධයේදී පොලිස් රග්බි කන්ඩායම ලකුණු 19ක් ලබා ගත්තා. ඊට උත්සාහක දිනුම් 03ක් සහ ප්‍රවර්තන 02ක් ඇතුලත්. ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම ලබා ගත් ලකුණු 18ට  උත්සාහක දිනුම් 02ක් ද ප්‍රවර්තන 01ක් සහ දඩුවම් පහර 02ක් ඇතුලත් වුණා. තරගය නිමාවන විට ශ්‍රී ලංකා පොලිස් රග්බි කන්ඩායම ලකුණු 34 ක් ලබා ගෙන සිටියා.. ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 30 ක් පමණයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 08:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්