Life+News The Official News Portal of Independent Television Network Ltd

සෙලීනාට නැවුම් ආදරයක් හමුවෙයි…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 08:00

සෙලීනාට නැවුම් ආදරයක් හමුවෙයි…

සෙලීනා ගෝමස් නම් වූ යොවුන් පරපුරේ ආදරය දිනාගත් ගායිකාව ගැන අපි හැමෝම වගේ දන්නවා. මේ වනවිට 24 වැනි වියෙහි පසුවන සෙලීනා, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවට පසුගියදා විදෙස් පුවත් බොහෝමයක් වාර්තා කළා. එමෙන්ම ඇගේ සමීපතමයන් පවසන්නේ පසුගිය වසරේ ඇගේ සිරුරේ සම මතුපිට රෝගී තත්ත්වයක්ද මතුවූ බවයි.

මේ හේතුවෙන් පසුගියදා සෙලීනාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා. එහිදී ඇයට දින 60ක් තුළදී නේවාසික ප්‍රතිකාර ලබා දී ඇති අතර, වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම උපදේශනයද සෙලීනාට ලබාදීමට කටයුතු කෙරෙන බවයි විදෙස් වෙබ් අඩවි වාර්තා කරන්නේ. මීට පෙර සෙලීනා 2014 වර්ෂයේදීත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලැබූ බවට සඳහන්.

පුනරුත්ථාපනය වන සෙලීනා නැවතත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවේද යන්න ඇගේ පවුලේ ඥාතින් සහ හිතවතුන්, හිතවතියන් සැක පහළ කරනවා.

ජස්ටින් බීබර් කියන්නේ සෙලීනාගේ දිගු කාලීන පෙම්වතායි..ඔහුගෙන් වෙන්වූ පසුව සෙලිනා ගෝමස් පසුගිය කාලයේ ගත කළේ කණස්සල්ලෙන්. නැවත පෙම් කරන්නේ නැතැයි ඇය එක් වතාවකදී පැවසුවේ තම සිතට නැගුණු දුක දරා ගත නොහැකිවයි. ඒ වුණත්, ඇගේ ඒ අමිහිරි සිතුවිලි වියැකී ගියේ තවත් නැවුම් ආදරයක් අබියසදීයි.

සෙලිනා ගේ හදවතට යළිත් සෙනෙහසක්  එක් කළේ සාක් ඇෆ්රන්. ඔහුගේ සම්පූර්ණ නම සැචරි ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් එෆ්රන්. 2000 දී වෘත්තීය රංගන ශිල්පියකු ලෙස සිනමා ලොවට පිවිසුණු සාක් ඇෆ්රන්, මුලින්ම රඟපෑවේ ‘ෆයර්ෆ්ලයි’, ‘ඊ.ආර්.’ සහ ‘ද ගාඩියන්’ යන ටෙලිනාට්‍යවලයි.

ඔහුට සෙලිනාව මුලින් ම මුණ ගැසුණේ 2015 දී ‘නේබර්ස් : සොරොරිටි රයිසින් බැක්’ චිත්‍රප‍ටයේ රඟපාද්දීයි. පසුගිය මාස කිහිපයේදී හොලිවුඩ්පුරය ඔස්සේ හඹා ගිය ඕපාදූපයක සඳහන් වුණේ සාක් සහ සෙලිනා පෙම්වතුන් වී සිටින බවයි. නමුත් ඒ පුවත දස අත විහිදෙන විටදීම මේ දෙදෙනාම එය ප්‍රතික්ෂේප කර සිටියා.

කෙසේ වෙතත්, පසුගිය සතියේ යළි පැතිරුණු ආරංචියක් කීවේ කවුරුන් කොහොම සඟවන්නට උත්සාහ කළත් සෙලිනා සහ සාක් අතර පෙම් සබඳකමක් පවතින බවයි. මේ අතර සෙලිනා ගේ රසික කැළ මේ ආරංචියෙන් සතුටට පත්වී සිටිනවා. ඔවුන් තම තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවල සඳහන් කර ඇත්තේ සෙලිනාට හිමිවූ අලුත් ආදරවන්තයා ඇයට ම ගැළපෙන බවයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 08:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්