කිසිදු අයුරකින් විදුලි ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළා. තවදුරටත් ගාස්තු පහළ දැමීමට හැකි තත්වයන් පිළිබදව සළකා බලන බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.
අයවැය ඉදිරිපත් කිරීමට රජය සූදානම් කර තිබෙනවා. විපක්ෂය කුමන අදහස් ඉදිරිපත් කළ ද ජනතාවට සහන සලසන අයවැයක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඉදිරි ජනාධිපතිවරණය හා පළාත් සභා ඡන්දයෙන් ද විශිෂ්ඨ ජයග්‍රහණයක් එක්සත් ජාතික පක්ෂය ලබාගන්නා බව රවී කරුණානායක මහතා පවසනවා.