Life+News The Official News Portal of Independent Television Network Ltd

ගැමි ජීවිතයට විවරණයක් ගෙනෙන”KANNE KALAIMAANE”

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2019 18:07

ගැමි ජීවිතයට විවරණයක් ගෙනෙන”KANNE KALAIMAANE”

දමිළ සිනමා අධ්‍යක්ෂ සීනු රාමසාමි තවත් සොඳුරු වින්දනයක ආස්වාදය විඳීමට මං පාදා තිබෙනවා. ඒ  කන්නෙයි කලෙමානේ සිනමා පටය නිර්මාණය කිරීමත් සමගයි.කන්නෙයි කලෙමානේ යනු  ඔහුගේ නවතම සිනමා තිළිණයයි.

චෝලවන්දාන් ගම් පියසේ කන්නන්ගේ (උදයනිධි ස්ටාලින්) ජීවනෝපාය වූයේ ගොවිතැනයි. ඔහු ගොවිතැනටත් මහ පොළොවටත් මහත්සේ සෙනෙහස දැක්වූවෙක්. භාරතී (තම්මානා භාතියා) ගමේ බැංකු නිලධාරිනියක්. සිනමා පටයෙන් කන්නන් සහ භාරතීගේ ආදරයෙන් ඔබ්බට ගිය සමාජ ගැටලු රැසක් සාකච්ඡා කෙරෙනවා. බැංකු ණය ගැනීම්, ණය ගෙවීම් ඇතුළු ප්‍රශ්න රැසක් මැද කන්නෙයි සහ භාරතීගේ ප්‍රේම වෘත්තාන්තය ගලා යන්නේ විටක විරහ රස ද තවත් විටක ප්‍රේමනීය වින්දනයක් ද ලබා දෙමිනුයි.

මේ සිනමාපටයේ අධ්‍යක්ෂ බාලු මහේන්ද්‍රය. මේ තම්මානාගේ පනස් වැනි සිනමා රංගනය ලෙස සැලකෙන මෙම සිනමාපටය ආදරණීය සිත් වැළඳ ගැනීමට සමත්වන සිනමාපටයක් බව නම් නොඅනුමානයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2019 18:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්