Life+News The Official News Portal of Independent Television Network Ltd

නාගයින්ට මිතුරු වූ දැරියක්…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2019 16:39

නාගයින්ට මිතුරු වූ දැරියක්…

ලොව බොහෝ රටවල පුංචි දරුවන් සුරතල් සතුන් විදිහට නිවෙස්වල ඇති දැඩි කරන්නේ බල්ලන්, පූසන්, මාළුන්, කුරුල්ලන් සහ හාවුන්ට වැනි අහිංසක අනතුරු රහිත සතුන්. එහෙත් ඉන්දියාවේ වෙසෙන එක් කුඩා ගැහැනු ළමයකු නම් තමන්ගේ සුරතලා ලෙස තෝරාගෙන තිබෙන්නේ භයානක සත්ත්වයන්. ඒ තමයි රාජ නාගයන්.

සාමාන්‍යයෙන් නාගයින් ළඟ තියාගන්න නයි නටවන මිනිසුන් පවා විස දළ ගලවා ඉවත් කරන ලද නාගයින් තමයි තබාගෙන තිබෙන්නේ. නමුත් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ගතම්පූර් හි ජීවත්වන ‘කාජල් ඛාන්‘ නම් මෙම දරුවා ඇය ළඟ තබාගෙන සිටින්නේ විස දළ ඉවත් නොකරන ලද හීලෑ නොමැති නාගයන් වීම මෙම පුවතේ විස්මය දනවන කරුණක්.

කාජල්ගේ පියා වෘත්තිය ලෙසින් සර්පයින් අල්ලන පුද්ගලයකු ලෙස කටයුතු කර තිබෙන අතර ඔහුගේ පුත්‍රයා එනම් කාජල්ගේ වැඩිමහල් සහෝදරයා දැන් එම වෘත්තියේ නිරත වන බවටයි සදහන් වෙන්නේ. සුරතලයට ඇති කෙරුවත් මෙම නාගයන් කිහිප විටක්ම ඇයට දෂ්ට කර තිබෙනවා.

රාජ නාගයන් සමඟ තම නිදන යහන පවා බෙදා ගන්නා ඇය තමන්ගේ ආහාර නාගයන්ට ලබා දෙමින් ඔවුන් සමඟ සෙල්ලම් කරන බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ…

වසරකට ලොව පුරා සර්ප දෂ්ට කිරීම් නිසා පනස්දහසක් පමණ මියයන අතර, කාජල් ඇතුළු පවුලේ සැමගේ විශේෂ හැකියාව පුදුමය දනවන කරුණක්..

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2019 16:39
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්