ඩුබායි අත්අඩංගුවේ පසුවන කන්ජිපානී ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් වැටලීම සිදුකළේ කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේදී. පනස් හැවිරිදි ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 10 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවුණා.
කොළඹ අංක.04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. සැකකරු වැඩිදුර විමර්ශන සදහා සංවිධාන්තමක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී තිබෙනවා.
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයා කුඩුචූටි නැමති කාන්තාවට වෙඩි තැබූ පුද්ගලයා බව හඳුනාගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. මොහොමඩ් නවුෆර් නැමති ඔහු අත්අඩංගුවට ගැනුනේ වැල්ලම්පිටිය – සාලමුල්ල ප්‍රදේශයේදී. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සිදුකළ වැටලීමකින්. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.