Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝකයට, නව පඳුරු මැඬියෙක්…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 18:34

ලෝකයට, නව පඳුරු මැඬියෙක්…

මෙතෙක් හඳුනාගෙන නොතිබූ නව පඳුරු මැඩියකු ලෝකයට හඳුන්වාදුන් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසනවා.ඒ මාතර දිස්ත්‍රික්කයේ දෙදියගල රක්ෂිතයෙන්.

වනජීවී දෙපාර්තමේන්තුවේ දැනුම්දීමකට අනුව දෙදියගල රක්ෂිතය ආශ්‍රිතව කරන ලද පාරිසරික අධ්‍යයනයක දී මෙම නව සත්ත්ව විශේෂය සොයාගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකාවට ආවේණික එම නව පඳුරු මැඩි විශේෂය (සියුඩොෆිලෝටස් කොනිෆි ) ලෙසයි නම් කර ඇත්තේ.

දෙදියගල රක්ෂිතයෙන් සොයාගත් මෙම මැඩියන් විශේෂය සම්බන්ධ පර්යේෂණ වාර්තාව Journal of Threatened Taxa පර්යේණ සඟරාවේ 2019 ජනවාරි 26 වැනි දින පළ වී තිබුණා.

ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් මේ සත්ත්වයා ලෝකයට හඳුන්වාදීමට පෙර ශ්‍රී ලංකාවේ උභය ජීවී විශේෂ 118ක් හඳුනාගෙන තිබූ අතර ඉන් විශේෂ 94ක් ශ්‍රී ලංකාවට ආවේණික බව ද තහවුරු කරගෙනන තිබුණා.

මෙම නව සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවේ උභය ජීවීන් සංඛ්‍යාව 119ක් දක්වා ඉහළ යන අතර මෙරටට ආවේණික උභය ජීවීන් සංඛ්‍යාව ද 95ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

(අධ්‍යාපනික සඟරාවක් ඇසුරින්)

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 18:34
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්