සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 154 ක් ලබා ගත්තා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්රිකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 222ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 66 ක් තුළදී බිදවැටුණා. ශ්රී ලංකා කණ්ඩාමේ පළමු ඉනිමේ වැඩිම ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 42 යි. ලහිරු තිරිමාන්න ලකුණු 29 ක් ලබාගත්තා. පසුගිය තරගයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ කුසල් ජනිත් පෙරේරාට මෙම තරගයේ පළමු ඉණිමේදී ලබාගත හැකිවුණේ ලකුණු 20 ක් පමණයි. ඒ අනුව ශ්රී ලංකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුනු 154 ක් ලෙස සටහන් වුණා.
ඊයේ (21) දිනයේදී ආබාධයට ලක් වීම හේතුවෙන් ලසිත් ඇඹුල්දෙණිය අද (22) තරගයට ක්රීඩා කළේ නැහැ. දකුණු අප්රිකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රබාඩා ලකුණු 34 ක් තුළ කඩුළු 04 ක් දවා ගත්තා.