සුඩානයේ විපක්ෂ දේශපාලන නායකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.
විවිධ දේශපාලන පක්ෂ වලට ඔවුන් අයත් බවයි වාර්තා වන්නේ. ජනාධිපති ඕමාර් අල් බසීර්ට ඉවත් වන ලෙස බලකරමින් විරෝධතා මෙහෙයවූ බවට ඔවුන්ට චෝදනා එල්ලවී තිබෙනවා. මාස දෙකකට පෙර සිට සුඩානයේ කි‍්‍රයාත්මක විරෝධතා අතරතුර එක් දිනකදී වැඩිම පක්ෂ නායකයන් පිරිසක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.