බූස්ස ප්රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්රකාශ කළා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ මෙහෙයුමකින්. ඔහු දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්ත නිලධාරියෙකු බවයි පොලීසිය සඳහන් කළේ. පසුගිය ජනවාරී 23 වෙනිදා බූස්ස ප්රදේශයේ සිදුවූ මෙම පැහැර ගැනීම පිළිබද පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.